‘වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි‘


සෑම පුද්ගලයකුම නීතිය හමුවේ සමාන හෙයින් තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් දිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (1) පැවසීය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මෙන්ම අතීතයේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බව කී එජාප මහලේකම්වරයා බැඳුම්කර සිද්ධිය පිළිබඳව අද කථා කරන ඇතැමුන්ට අතීතයේ මෙවැනි සිද්ධි දස ගුණයකින් සිදුවූ බව අමතක වී ඇතැයි කීවේය.

‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අප යහපාලන ආණ්ඩුව බිහිකරද්දී ජනතාවට ප්‍රතිඥා ලබාදුන්නා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් නීතිය සැමට පොදු දෙයක් බවට පත් කරන බව එම ප්‍රතිඥාවයි. දින 100 ආණ්ඩුවේදී ඒක අපි කළා‘ යැයිද ඇමැති කීවේය.

webDSC_3653