වරදකට දඬුවම් ලෙස ගල් ගසා මරණයට පත්කිරීමට නියමිතව සිටින ශ්‍රීලංකා ගෘහ සේවිකාව වෙනුවෙන් ලංකාවාසී සියලුදෙනා මේ වන විට එක්ව සිටිති.කාන්තා සංවිධානද ඒ අතර වේ.
විමෙන් ෆෝ රයිට්ස් නම් එවන් කාන්තා සංවිධානයක් පසුගියදා ඇය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබිණ.බොහෝ දේශකයෝද පැමිණ සිටියහ.එක්තරා කාන්තාවක් මරණ දඬුවම නියමවී සිටින එම ගෘහ සේවිකාව වෙනුවෙන් ඉතා සංවේදීව අදහස් පලකළාය.කාන්තා හා ළමා කටයුතු පිළිඹද ඇමැතිනී තලතා අතුකෝරළගේ අවධානය ඇය වෙනුවෙන් යොමුවිය යුතුව තිබෙන බව ඇය කීවාය.
ඇයට වැරදුණු තැනක් විය.කාන්තා හා ළමා කටයුතු පිළිඹද ඇමැතිනිය තලතා අතුකෝරළ නොව චන්ද්‍රාණි බණ්ඩාර වන්නීය.දේශනය අසා සිටි එම කාන්තාවගේ යෙහෙළියෝ ඇයව නිවැරදි කිරීමට සිතූවද එය ඇයට අවමානයක් වනු ඇතැයි සිතා එයින් වැළකුණහ.
එක් අතකට මේ සිටිනා අමාත්‍යවරුන් ගණන හා අමාත්‍යංශ ගණන සලකන විට මෙවැනි වැරදි සිදුවීමද ස්වභාවිකය.

