පොදු රාජ්‍ය මණ්ඩලය, තීන්දු හෝ දඩුවම් දීමේ ආයතනයක් බවට පත් නොකර මහජන සුභසිද්ධිය හා සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු යැයිද සියලු ආගම් ගරු කරන ශ්‍රී ලංකාව අනුන් කළ නොකළ දේ ගැන නොසොයා තමන් කළ නොකළ දේ පමණක් සොයා බැලීම අපේ යතුකම විය යුතුයැයිද ධම්මපදයේ ගාථාවක් ද උපුටා දක්වමින් මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
තිස් වසරක ත්‍රස්තවාදය 2009 දී අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කිසිදු තැනකින් ත්‍රස්තවාදි ක්‍රියාවක් වාර්තා වී නැතැයිද වැදගත්ම මානව හිමිකම් අයිතිය වන ජීවත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයෙන් තහවුරු කර ඇතැයිද ජනපති කීවේය.

