‘වැඩවර්ජන එපා : සාකච්ඡාවට එන්න‘ - රාජිත


තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ බලපත්‍ර අහෝසි කිරීම හෝ වැටපු ප්‍රශ්නයක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමා සමඟ සාකච්ඡා කර නැතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

වෛද්‍ය නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල දී කථිකා කළේ සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ගැන බවත් ඔහු සඳහන් කරයි.

ගැටළුවක් ඇත්නම් වැඩ වර්ජන කිරීමට හෝ මාධ්‍යයට කීමට පෙර තමා සමග සාකච්ඡා කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇරැයුම් කරන බවත්, ඕනෑම අවස්ථාවක සාකච්ඡාවට තමා සූදානම් බවත් සේනාරත්න මහතා පවසයි.