සම්මත නොවු වැට් පනත ක්‍රියාත්මක කරමින් ජනතාවගෙන් අය කරගත් අසාධාරණ වැට් බදු නැවත ඔවුන්ටම ගෙවීමේ යාන්ත්‍රණයක් රජය වහා සකස්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
දැනට ඉදිරිපත් කර ඇති බදු පනතින් පවා ජනතාව පිට බදු බර පැටවෙන එකක් වන බැවින් ඊට එරෙහිව අත ඔසවන්නැයි සියලූ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිිටන බවද හෙතෙම සදහන් කළේය.
‘මේ බදු අය කිරීමට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. මේ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ දි අනිවාර්යයෙන්ම අපි ජන්දය දෙනවා. ඒ වගේම මේ බදු ක්‍රමයට එකඟ නැතැයි ජනතාවට කියා, හොරෙන් කැබිනට එකේ දි එකඟ වුණු ›ලනිප ඇමතිවරුනට අපි කියනවා ජනතාව ඉස්සරහට ඇවිත් උත්තර දෙන්න කියලා. මොකක්ද මේ පනතට විරුද්ධව අත ඔසවන්න කියල අපි ඉල්ලනවා.‘