‘වැට් තීන්දුවට හිස නමනවා‘ : ‘මහින්ද හිටියා නම් මොනවා කරයිද‘


‘වැඩිකළ වැට් හා එන්බීටී බදු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට රජය හිස නමනවා. ගරු කරනවා. ඉදිරියේදී  සෞඛ්‍ය ක්ෂේත්‍රයම වැට් බද්දෙන් නිදහස් කරනවා. මහින්ද රාජපක්ෂ සමයේ දිවි නැගුම ගැන හිටපු අගවිනිසුරුවරිය දුන් තීන්දුවෙන් පසු ඇය ගෙදර යැව්වා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවේදී කීවේය.

‘අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සහන මිලට දෙනවා. පසුගිය ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ බලපෑම් මේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒ කාලේ තීන්දු තීරණ ගත්තේ අරලියගහ මන්දිරයේ. අද මේ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි විශ්වාසය තියලා  අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. මේ වැට් බද්ද වැඩි කිරීමට හේතුව වුණේ පසුගිය ආණ්ඩුවේ අනවශ්‍ය  ණය ගැනීම්‘යැයි ද මන්ත්‍රීවරයා පැවසීය. 

web712DSC_9565