‘වාහනයේ චම්පික හිටියේ නැතිලු‘


ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට අයත් වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් අද (07) රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

මනෝ මින්සුක අබේසුන්දර නම් එම 17 හැවිරිදි තරුණයා කියා ඇත්තේ අනතුරට පත් වාහනයේ ඇමති පාඨලී චම්පික රණවක මහතා සිටිනවා නොදුටු බවයි. එය පදවාගෙන ගියේ වෙනත් පුද්ගලයකු බව ඔහු කියා ඇතැයි පොලිස් ආරංචි කියයි.

රෝහල් ගතව සිටි මෙම තරුණයා අද රෝහලෙන් පිට වී ඇත.

මෙම පරීක්ෂණ වහා සිදු කර වාර්තාවක් ලබා දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී තිබේ.