තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) තෙවැනි දිනටත් නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී කීවේය.
තමා සතුව ඇත්තේ ජනපති හා අගමැති සාකච්ඡා කර දුන් වාහන හයක් පමණක් බවත් රජයේ වාහන සොරකම් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් රාජපක්ෂ මහතා පැවසීය.

