‘වාසුදේව වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ‘


වාසුදේව නානායක්කාර කියන්නේ වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) සිරිකොතේදී පැවසීය.

මන්ත්‍රී නානායක්කාර මහතා රටේ අගමැතිට පාර්ලිමේන්තුවේදී පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රකෝපකාරී සහ අශෝභන ලෙස හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහකා කීවේ පරාජය හමුවේ ඔහු ඒ තත්ත්වයට අද වැටී ඇති බවයි.