‘වස්තුව උඩදී වැනසිලා’


ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වූ බව උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ කණ්ඩායම විසින් තහවුරු කෙරුණු බව ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.

එම කණ්ඩායම විසින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර අදාළ නිරීක්‍ෂණ කණ්ඩායම රැදී සිටි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එම අභ්‍යාවකාශ වස්තුව මුහුදට නොවැටුණු බවට එම නිරීක්‍ෂණ කණ්ඩායම තහවුරු කර තිබේ.

මෙම අපද්‍රව්‍ය  කොටසේ ගමන් මඟ පිළිබඳව ඩී බී එ්ත් වොච් ආයතනය වීඩියෝ පටයක් නිකුත් කළේය.