‘වසර පහටම නාමල් කෝප් ආවේ එක දවසයි‘- ඩිව් ගුණසේකර


තම සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ සාමාජිකයකු වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුලු නිල කාලයටම සහභාගී වුණේ එකම රැස්වීම්කට පමණක් යැයි ඩිව් ගුණසේකර මහතා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හිටපු කතානායකවරයාට හිටපු අගමැතිවරයාට හා හිටපු විපක්ෂ නායකවරයාට ද පැමිණිලි කළ ද කිසිවෙකුත් කිසිදු පියවරක් නොගත්තේ යැයි ද හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් (පොදු ව්‍යාපාර කාරක සභාව) ට පත්කළ හැකි දැනුමැති මන්ත්‍රීවරුන් සිටිය ද  නායකයන් ඊට උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.