වසර හතකට පෙර අඩි 75ක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් ආබාධිත වූ අංකුඹුර වැල්ගාලේ එක් දරු මවක් (33) නිවසක් ඉදිකරගැනීමට නොහැකිව අසරණව සිටී.
2009 වසරේදී මීමැස්මොරය වැළඳී ළිඳට වැටුණු ඇය බරපතල තුවාල ලබා මාස හයක් පමණ සිහි නොලබා රෝහලේ සිටි අතර වසර දෙක හමාරක පමණ කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබුවාය.
දැනට 13 වැනි වියේ පසුවන සිය දියණිය සමග ජීවත්වන ඇය දැනට තම පියාගේ රැකවරණය මැද ජීවත්වන බවත් කිසිම ආදායම් මාර්ගයක් නැති බවත් කියන්නීය. සැමියා ද ඇය හැර ගොස් සිටින අතර නිවසක් ඉදිකරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
ඇය සම්බන්ධ විස්තර ලබාගැනීමට 072 5274232 අංකය ඇමතිය හැකිය.





