පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා මගීන් මීඔය ගැටදිවුල තේක්ක රක්ෂිතයේ අලින්ට ආහාර ලබාදීමෙන් ගැටදිවුල, කලුවිලපොතාන ගම්මානවලට වල් අලි තර්ජන ඇතිවීමට ඉඩ ඇතැයි ගම්වාසීහු කියති.
අලිවැට ආසන්නයට පැමිණ අලින්ට පළතුරු ආදිය විසිකරන බවත් දිවා කාලයේ අලි වැටෙහි විදුලිය නොමැති බැවින් ජීවිත හානි පවා සිදුවිය හැකි යැයි ගම්වාසීහු බිය පළ කරති.







