‘වරාය විකිණීම ගැන රටට කියන්න ආණ්ඩුවට සති දෙකක්‘


ආණ්ඩුව කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන් විකිණීමට ගෙන ඇති තීරණය හකුළා නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

මේ පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කිරීම සඳහා ආණ්ඩුවට සති දෙකක් කල් දෙන බවත් ඔහු කීවේය. මරදාන සමාජිය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ සඳහන් කළේය.