කොළඹ වරාය වැඩ නතරවීමෙන් දිනකට රුපියල් කෝටි 5ක අලාබයක් සිදුවී ඇතැයි චීන ඉදිකිරීම් සමාගම කියයි.
මාර්තු 6 වැනිදා සිට එය නතර කළ බවත් සමාගම ඉදිකිරීම් සඳහා ගත් ණය වෙනුවෙන් පොළී ගෙවන බවත් ශ්‍රී ලාංකිකයන් 1000කට පමණ ඍජු රැකියාද 3000කට පමණ වක්‍ර රැකියාද අහිමිවී ඇති බව සමාගම කියයි.
මේ අතර ඉන්දියන් සාගර කලාපයේ චීන බලපෑම් ගැන ඉන්දියාව දැඩි සෝදිසියෙන් සිටින බවත් අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි විට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එරට ආරක්ෂක උපදේශක කනර් අද්හා කියයි.
චීනයේ උත්සාහය ඉන්දියානු සාගරයේ ආරක්ෂක කඳවුරු ඉදිකර ඉන්දියාව වට කිරීම බව ඔහු පවසයි.

