'වර්ධා' සුළිකුණාටුව චෙන්නායි නුවරට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි පුලිකට් ප්‍රදේශයට පැයට කිලෝමීටර් සියයක පමණ වේගයකින් කඩා වැදෙතියි කියති.චෙන්නායි ගුවන් තොටුපළ ප්‍රදේශයේ සුළං සහිත වැසි පවතින බවත් ඒ නිසා අද (12) උදෑසන ගුවන් ගමන් නතර කළ බවත් කියති.
'වර්ධා' සුළිකුණාටුව තමිල්නාඩුවට ඇතුළු වීමත් සමඟ චෙන්නායි ගුවන් තොටුපළ අඟහරුවාදා උදේ 7 දක්වා වසා තබන බව වාර්තා වෙයි.
තමිල්නාඩු හා අන්ද්‍රා ප්‍රදේශයේ නාවික හමුදාව හා ජාතික ආපදා ප්‍රතිචාර බලඇණි සීරුවෙන් තබා ඇත.මෙම සුළි සුළඟ දුර්වල වෙතියි මුලදී සිතුවත් එහි වේගය හා බලය අඩු නොවෙතියි කාලගුණ නිලධරයෝ කියති.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යුඑල්-121,යූඑල්-123,යූඑල්-127,යූඑල්-129 යන ගුවන්යානා ගමන් අවලංගු කරන බවත් චෙන්නායි බලා යන මගීන් උපදෙස් සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය අමතන ලෙසත් ඉල්ලයි.