ගූගල් බැලුන් සහ වයිෆයි කලාප ගැන කී ආණ්ඩුව දුරකථනයටත් අන්තර්ජාලයටත් බදු පිට බදු ගසා තරුණ පරපුරට දැඩි පීඩාවක් එල්ල කර ඇතැයි සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.
රජෙකු මෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සමාජ ජාලා මාධ්‍ය ප්‍රබල ලෙස බලපෑවේ යැයි කී එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා වත්මන් පාලකයන් අමතක කරඇත්තේ එවන් බලවේගයක් යැයි ද කීය.
ආණ්ඩුවට තවදුරටත් පැනැවීමට ඉතිරිව ඇත්තේ මළ බද්ද හා මිනී පෙට්ටි බද්ද පමණක් යැයි ද ගුණසේකර මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවැසීය.
