‘වයඹ මන්ත්‍රීන් සල්ලිවලට ගන්න හදනවා‘


වයඹ පළාත් සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයකුට රුපියල් දෙකෝටිය බැගින් දී රුපියල් 25000ක ඉන්ධන දීමනාවක් ද දීමට පොරොන්දු වී ඇතැයි වයඹ සමාජ සුබසාධක ඇමැති සන්ධ්‍ය කුමාර් රාජපක්ෂ මහතා කියයි.

වයඹ විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා පවසනුයේ ඒ චෝදනාව අසත්‍ය බවයි.

එය තම පක්ෂයට කළ අපහාසයක් බව ද ඔහු පවසයි.