මෙරට භුමියේ ප්‍රමාණත්වය සමග මේ වනවිට ඇති වන ගහණය 27% හා 28%ක තත්වයක ඇති බවත් එහි වගකීම එක් පැත්තකින් දේශපාලඥයින්, විද්‍යාඥයින් හා පාරිසරික ආරක්ෂණය නොසලකා හරිමින් අතහැර වැඩ කළ සියලු දෙනාම ගත යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) දිගන පැවැති උත්සවයකදී පැවැසිය.
‘පරිසර සුරක්ෂිත භාවය ඉටු කිරීමේ කාර්යය අද දැඩි අභියෝගයකට මුහුණපා තිබෙනො.ස්වභාවික සම්පත් නොසලකා, පාරිසරික වටිනාකම් නොසලකා, පරිසර සංරක්ෂණය නොසලකා ලෝකයේ බලවතුන් කටයුතු කිරීම නිසා මිනිසාට පමණක් නොව සතා සිවුපාවා ගස් කොළ පවා බරපතල අභියෝගයකට මුහුණ පා තිබෙනවා‘ යැයි ද ජනපති කීවේය.





