නැසීගිය ගායන ශිල්පී අල්හාජ් මොහිදීන් බෙග්ගේ 25 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් අනුස්මරණ යාඥාව නොවැම්බර් 4 වැනිදා දිනය පුරා මරදාන මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
සිංහල ගීත ක්ෂේත්‍රයට මහත් සේවයක් කළ ගායන ශිල්පියකු වන මොහිදීන් බෙග්ගේ කැපවීම වෙනුවෙන් වගකිව යුතු බලධාරීන්ගෙන් නිසි ඇගයීමක් ලැබී නැතැයි ඔහුගේ පුත් ඉෂාක් බෙග් මහතා සඳහන් කරයි.

