තමාට ජීවිත තර්ජන ඇතැයි මාස එක හමාරකට පමණ පෙර ප්‍රාදේශීය මන්ත්‍රී වටරැක විජිත හිමියන් දුරකතනයෙන් දැන්වූ බව මයියංගනය ප්‍රාදේශීය සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතා කියයි.
ඒ හිමියන් අද රැස්වීමත් සමඟ ප්‍රාදේශීය සභා රැස්වීම් දෙකකට සහභාගී වී නැතැයි ද, නොදන්වා තෙවරක් සහභාගී නොවීම මන්ත්‍රීකම අහෝසි වීමට හේතුවක් යැයි ද ඔහු කීවේය.
වටරැක විජිත හිමියන් ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පවත්වද්දී බොදු බල සේනාව බාධා කළැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද පවතී.

