‘වංචා දූෂණ සොයන්න කාලයක් ගතවේවි‘


ගිය රජය කාලේ දූෂණ වංචා විශාල වශයෙන් සිදුවී ඇති බවත් ඒවායේ සත්‍ය සොයා විමර්ශන කිරීමට කිසියම් කාලයක් ගතවන බවත් රටේ දුප්පත් අහිංසක ජනතාවට වංචා හා දූෂණ මගින් හානියක් සිදුවී ඇති බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලැසිල් ද සිල්වා මහතා හික්කඩුවේ උත්සවයකට සහභාගීවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.