වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනපති දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතා කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව අද(2) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් පැවසීය.
තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත්තේ තම පවුලේ කිසිවෙකුට ඔටුනු පැළඳවීමට නොව රටේ සමස්ත තරුණ පරපුර සහ පොදු ජනතාව වෙනුවෙන් සුබදායී අනාගතයක් ගොඩනගාදීමට පක්ෂය ශක්තිමත් කිරීමට බව ද පැවසූ ජනපති පක්ෂයේ ගමන් මග වෙනුවෙන් විවිධ බාධා එල්ලවන බවත් කීවේය. තමාට පක්ෂයේ සභාපතිත්වය භාර ගැනීමට ආරාධනා කළානම් පක්ෂය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවද ජනපති කියා සිටියේය.

