පසුගිය රජය කාලයේ ලොන්ඩරියක් බවට පත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ තත්ත්වයටම පත්වුවහොත් මහජනයාට ඉන් කිසි වැඩක් නැතැයි සාධාරණ හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩ බාරගැනීමේ උත්සවයේදී පැවසූහ.
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පැමිණ සිටියේය.
නා හිමියන් එසේ කියද්දී ඔහුට ඉබේම සිනා පහළ විය.
කාටූන් ශිල්පීන් බොහෝ විට එදා කෙහෙළිය හැඳින්වූයේ ඔහු ජනපති ලොන්ඩරියේ රෙදි පොට්ටනි අපුල්ලන්නකු බවටය.
‘‘ජනමාධ්‍ය අමාත්‍යංශය එදා අපට එපා වෙලා තිබුණේ. එහෙම අමාත්‍යංශයක් නම් යළිත් එපා‘‘ යැයිද සෝභිත හිමියෝ කීහ.



