තම ප්‍රධානියා සමග වැඩ කිරීමට අකමැති පිරිස් ගැටීම් ඇති කර නොගෙන මාරුවීම උචිත යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.
මරදාන අශෝක විද්‍යාලයයේ ගුරුවරුන් රැසකට ස්ථානමාරු දී එක් පුද්ගලයකු රැකීමට ගන්නා ප්‍රයත්නය හෙළා දකින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට කොඩිකාර මහතා එලෙස කීවේය.
‘විදුහල්පති සමග වැඩ කරන්න බැරි පිරිස් ස්ථාන මාරු ගෙන යෑම ගැටුම් ඇති කර ගන්නවාට වඩා හොඳයි. මගේ ප්‍රධානියත් එක්ක වැඩ කරන්න බැරිනම් මමත් යනවා. පාසලෙන් පිටත සිදුවන දේට මට මැදිහත් වෙන්න බැහැ. ඊට මැදිහත් විය යුත්තේ පොලිසියයි.
අශෝකයේ තියෙන්නේ දෙමාපියන්ගේ ප්‍රශ්නයක්නේ. විදුහල්පතිගේ ප්‍රශ්නයක් නොවේ.‘

