‘ලේන් කූඩුව කා සුදු කැස්බෑවා මැරිලා‘


කොස්ගොඩ චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ  කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා  සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී  ඇති බවද එම කූඩුව කෑමෙන් පසුව කැස්බෑවා මරණයට පත් වී ඇති බවද තොරතුරු පොලීසියට අනාවරණය වී ඇත.

ඉන් පසු  එම කැස්බෑවා  බෙහෙත් ගල්වා  ඇතැයි ද  පොලිසිය කියයි.

මේ අතර කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරුවන චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගෙන්  අද රාත්‍රී 9 වන විටත් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  දේශබන්ධු  තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.

 

 

(වීඩියෝ දසුන් දීපාල් ද සිල්වා)