‘ලුම්බිණි යන්න එපා‘


නේපාලයට නව ෆෙඩරල් පාලනය හඳුන්වාදීම පිළිබඳ  එරට රජයේ යෝජනා වලට එරෙහිව එරට ඇතිවු තිබෙන මහජන විරෝධතා මේ දිනවල උත්සන්න  වී ඇති බැවින් දින කිහිපයක් නේගතවන තුරු නේපාලයේ ලුම්බිණි ප්‍රදේශයේ සංචාරය කීරීමෙන් වළකින්නැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව් .එම් සෙනවිරත්න මහතා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ගෙන් ඉල්ලා සිටී.

 විරෝධතා ලුම්බිණි ප්‍රදේශයටද පැතිර ඇතැයි පැවසේ.ඉකුත් අගොස්තු මාසයේ සිට වර්ධනය වු මේ ගැටුම් නිසා මේවන විට 11 දෙනෙකු මිය ගොස් ඇති අතර එම ගැටුම් වලට මැදිව සිටි ලාංකික වන්දනාකරුවන් පිරිසක් ඉකුත් දා නිරුපද්‍රිතව යළිත් දිවයිනට එවු බවත්,ඒ අනුව  ආරක්ෂක පියවරක් ලෙස ඉදිරි දිනවලද ලුම්බිණි සංචාරය කිරීමෙන් වළකින්නැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා සිටී.