තහනම් පන්න ක්‍රම නිසා අපේ සුළු ධීවරයන් දැන් හොදටම අසරණ වී ඇතැයිද මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම සංචාරකයන්ට වෙන්කර තිබීමෙන් මා දැළක් එළා ගන්න තැනක් නැතැයිද රුපියල් තිස් පහට තිබුන දිය ලුණු කිලෝවක් දැන් රුපියල් අසූවක් වී ඇතැයිද මේ නිසා කරවල වේලන්න අපහසුයි යනුවෙන් ත්‍රීකුණාමල ධීවර සම්මේළනයේ ප්‍රධාන ලේකම් එම් එම් රහීම් මහතා ත්‍රීකුණාමලේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට කීවේය.
වල් අලින් අල්ලා හීලෑ කර උන්ගෙන් ආදායම් උපයා ගත් පැරණි ක්‍රමය යලිත් ක්‍රියාත්මක කිරීම අලි මිනිස් ගැටුමට හොඳම විසඳුම බව මුදල් ඇමැති කරුණානායක මහතා පැවසීය.
අයවැය ලේඛනයට ජනතා යෝජනා ලබාගැනීම සදහා ත්‍රීකුණාමල කච්චේරියේ දී රැස්වීමේ දී ඔහු එසේ කීය. ගොවි ධීවර ඇතුළු විවිධ වෘත්තිකයන් හා රාජ්‍ය ආයතන ප්‍රදධානීහූ රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
අලි තර්ජන මැඩලීම විදුලි වැට සදහා වැඩි මුදලක් අය වැයෙන් වෙන්කරනැයි ගොවීන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් මුදල් ඇමතිවරයා මෙසේද කීවේය,
අලි මිනිස් ගැටුම අද වන විට දරුණුම ප්‍රශ්නයක් තමයි .නමුත් පැළස්තර ඇලවීමෙන් වැඩක් නෑ.මේ ගැටලුව විසදීමට දැනට වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබෙවනවා.එකක් පින්නවල මෙන් තවතවත් අතුරු ඇත් සෙවන ඇති කිරීම.අනෙක වල් අලින් අල්ලා හීලෑ කොට උන් ගෙන් පළ ප්‍රයොජන ගැනීමට කැමැති ප්‍රභූවරුන්ට ඒ සදහා අවසර දීමයි.අපේ රටේ වන අලි අටදාහක් පමණ සිටිනවා. අවුරුද්දකට අලින් අසූවක් අනූවක් විතර මරණවා.වල් අලි තුන්දාහක් පමණ අල්ලා ඇති කිරීමට අවසර දුන්නොත් හොඳ ආදායමකුත් ලැබෙනවා. උන්ගේ ජීවිතත් රැකෙනවා.අලි මිනිස් ගැටුමත් විසදෙනවා.මම හිතන්නෙත් මෙය තමයි හොඳම විසදුම කියලා.වන ජීවී ඇමති තුමත් මේ ගැන වැඩි අවධානයක් යොමු කර තියෙනවා. “