‘ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ : සැපයක් යයි පොලිසිය ගුටි කෙළියේ‘


කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම අසලදී අන්තරේ සිසුන්ට රීප්ප පටිවලින් හා බැටන් පොලු වලින් පහර දුන් කාකි කබා කට්ටිය අඳුනාගෙනලු.

නීතිය දන්නා ප්‍රකාශකතුමා පහරදීම සාධාරණ බව එදා කීවාලු. තවත් අයත් එහෙම කීවාලු. එහෙත් ස්වාධීන කොමිසමෙන් දැන් ඔවුන් අඳුනාගෙනලු. චෝදනා පත්‍රත් ළඟදීම ලැබෙයිලු.

ඔවුන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග අද හෙටම ගන්න යනවාලු. ගොඩ පෙරකදෝරුකම් කළ අය දැන් හොයාගන්නත් නැතිලු.