ඇවන්ගාඩ් සිද්ධියේදී ලකුණු දමා ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවට පොලිසිය භාර ඇමැතිවරයා පවසන්නේ නම් එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔහු පියවර ගත යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
පොලිසිය භාර ඇමැතිවරයා එසේ නොකළහොත් තම වගකීම ඉටු නොකරන අයකු වන බවත් ඔහු තම වගකීම් ඉටුකරන්නේදැයි ජනතාව බලා සිටින බවත් ෆොන්සේකා මහතා කීය.
ආයුධ සහිත නැවක් ගාල්ල වරායේ නවතා තැබීම අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ නීතිවලට පටහැනි බව කී ඒ මහතා එය ජාතික ආරක්ෂාවට තර්ජනයකැයිද කීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා මේ අදහස් පළකළේ එම පක්ෂ මූලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවකදීය.



