යුද්ධය පැවති කාල සීමාවේ දි සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගිය ශ්‍රි ලාංකික සරණාගතයින් ගෙන් ලක්ෂයකට වැඩි පිරිසක් තමිල්නාඩුවේ තවමත් සරණාගත කදවුරු වල ජිවත්වන බව පුනරුත්ථාපන හා නැවත ලියාපදිංචි කිරිමේ අමාත්‍යාංශය කියයි.
ඔවුන්ගේන් ඇතැම් පිරිස් මේ වන විට නැවත දිවයිනට පැමිණෙමින් සිටින බවත් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන එම පිරිස් වලට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ආණ්ඩුව පහසුකම් සපයන බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා පවසයි.
එලෙස පැමිණෙන පිරිස් ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසු ඔවුන්ගේ මුල් ගම්බිම් වලම නැවත පදිංචි කරවිම ට කටයුතු කරන බව ද පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශ ලේකම් කියයි.

