ගායිකා ඇන්ජලීන් ගුණතිලකට ගෙවිය යුතු රුපියල් හාර ලක්ෂයක් වෙනුවෙන් බැංකුවේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කළැයි ටොරානා හිමිකරු සරත් කොතලාවල ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
සංගීත සංදර්ශනයකදී කියූ සිංදු වෙනුවෙන් ඇයට රුපියල් දස ලක්ෂයක් ගෙවන බවත් රුපියල් දෙලක්ෂයක් මුලින් ගෙවන බවත් ඔහු පොරොන්දුවී තිබූ බව උසාවියේදී කියැවිණි.
එහෙත් ඇයට දුන් චෙක්පත් දෙකම බැංකුවේ මුදල් නැති නිසා හරවා එවා ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය උසාවියට කීවේය.
නඩුව මාර්තු 16 වැනිදාට කල් තැබිණි.

