‘ලංගම නිවාඩු අවලංගුයි‘


දෙසැම්බර් 2 වැනි දා දින යම් හෙයකින් පෞද්ගලික බස් රථ ධාවනය නොකර වැඩවර්ජනයක් සිදු කළහොත් ඊට මුහුණ දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය සියයට සියයක් සුදානම් බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා “ලංකාදීපයට“ පැවසීය

දිවයිනේ කිසිම අයෙකුට අපහසුවක් නොවන අයුරින් හෙට සිට බස් රථ ධාවනය කරන බවත් දෙසැම්බර් 01 සිට දින හතක් යන තුරු රියදුරු,කොන්දොස්තර,කාර්මික ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කළ බවද ඔහු කීය.

ලංගම සියලුම වෘත්තිය සමිති තමන්ට සහාය දෙන බවත් හේ පැවසීය.