ගතවුණු මාස 12ක කාලය තුළදී අගමැති වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලන මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරැළිය ප‍්‍රසංශනීය බවත් ,මේ කෙටි කාලය තුළදී ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රතිසන්ධානය ඇති කිරීමේ කටයුතු වල ප‍්‍රගතියක් දක්නට ලැබෙන බවත් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය හා ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති ජෝන් කී අද (26) කොළඹදී පැවසීය.
නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අභියෝග මැද සාමය සහ ප‍්‍රතිසංධාන කටයුතු සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ මෙහෙවර අතිමහත් වන බවය.
ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රීය සංගමයේ විධායක කමිටු රැුස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (26)කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති අතර එහි නිලධාරීන් අමතමින් නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා මේ බව කිවේය.
‘මා 2013 දීත් මෙරටට පැමිණියා. එහෙත්, ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සමුළුවට සහභාගී වීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි. දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ පරිණත දේශපාලන දැක්ම පිළිබඳ මා අගය කරනවා. නැවත වතාවක් මා ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා සත්කාර රට ලෙස කටයුතු කිරීම ගැන. වාණිජ කටයුතු දිනෙන් දින නව මුහුණුවරක් ගන්නවා. අභිනවයෙන් පිහිටුවූ ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සමුළුවට අයත් සාමාජික රටවල් ද වානිජ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව යන ප‍්‍රධාන පෙළේ රටවල නියෝජිතයන් ද අද මෙහි රැස්ව සිටිනවා. එය සතුටට කරුණක්. නව ආයෝජන අවස්ථා විවෘත කළොත්, අපට ලොකු ඉදිරි ගමනක් යන්න පුළුවන්. කළ හැකි දේ බොහොමයි. ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය අලූත් සාමාජිකයන් බදවා ගැනීම සම්බන්ධයෙන් ද අප සාකච්ඡා කරන්න සූදානමින් සිටිනවා. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්, රාම් ජී මෙහි පැමිණ සිටිනවා. ලොකු වැඩිම ජනගහනයක් ඇති ඉන්දියාවේ පාලක පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයකු පැමිණීම අපේ මේ නව සංවිධානය ලොකු ශක්තියක්‘ යැයිද නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
ගෙවුණු වසර දහයක කාලය තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි හානි සිදුවූ බවත්,වසරකට පෙර මෙරට ප‍්‍රධාන පක්ෂ දෙකෙහි එකතුවෙන් ගොඩනැඟුනු යහපාලන ආණ්ඩුව හරහා නැතිවී ගිය රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් එය යළි තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
‘වසරකට පෙර මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය යළි තහවුරු කෙරුණු අවස්ථාවක ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීම පැවැත්වීම ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකනවා.මෙරටේ පවතින ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් මීට වසරකට පෙර බලයට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවමින් සිටිනවා. දශක දෙකක් තිස්සේ බලයේ සිටි පක්ෂ විසින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි හානි සිදුකළා.නමුත් මෙම යහපාලන ආණ්ඩු පෙරළියත් සමඟ නැතිවී ගිය මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළිත් අපි තහවුරු කරමින් සිටින බව ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත්‍රීය සංගමයට දන්වන්නේ සතුටින්.‘ යැයි ද අගමැතිවරයා කීය.




