බංගලිදේශයේ සිට මලයාසියාව බලා යමින් සිටිය දී නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 50ක් දුරින් අතරමංවු බංගලිදේශ හා මියන්මාර් ජාතිකයෝ 124 දෙනෙක් ලබන 8 දක්වා රිමාන්ඩ් කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඩී. සරවනභවාන් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. තවත් 14 දෙනෙක් අත්කරපත්තු රෝහලේ ප්‍රතිකාර ලබති.
නාවික හමුදාව බේරාගත් මේ පිරිස නාවික හමුදා බස් රථ දෙකකින් හා බන්ධනාගාර බසයකින් මඩකළපුව බන්ධනාගාරයට යවනු ලැබූහ.
මෙම පිරිසට නාවික හමුදාව දින තුනක්ම කෑම බීම සැපයීය. අලුත් ඇඳුම් හා පාවහන් ද පිරිනැමීය.
බන්ධනාගාර බස්රථයට ගොඩවන්න මොහොතකට පෙර ඔවුන් කීවේ බංගලිදේශයට නැවත නොයවා ශ්‍රී ලංකාවේම තබා ගන්නා ලෙස නාවික හමුදා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළහ.