ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කිසිවක් පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කළේය.
සිරිසේන මහතාගේ පසුගිය ක්‍රියා කලාපය ඊට හේතුව බවද එහු කීවේය.
අයවැය පිළිබඳ කතා බහෙන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය වෙනතකට යොමු කර ඇතැයි ද ඔහු මෙහිදි පැවසිය.
ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධින රාජ්‍යයක් නොව බටහිර ජාතින්ගේ කොළණියක් යැයි ද ඔහු පැවසිය.




