‘ලංකාව ණය බරින් තොර රටක් කරනවා‘ - රනිල්


ඉදිරි වසර පහ තුළ දී ණය අර්බුදය විසඳමින් ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව ණය බරින් තොර රටක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවැසීය. 

වත්මන් ණය අර්බුදය ඉදිරි වසර පහ තුළ විසඳමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කරන බව ද අග්‍රමාතා්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  කීවේය. 

ආර්ථික නවීකරණය කළ යුතු බවත් එහිදි ඩිජිටල්කරණය හා අධ්‍යාපනය අංශ දෙකට මුල් තැන දිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපනික පුරවැසියන් සංවර්ධනය කරා ගමන් කළ නොහැකි බව ද කීවේය.

කුසලතා හා වෘත්තීය සුදුසුකම්වලින් පිරිපුන් ශ්‍රම බලකායක් ඇති කරමින් අධ්‍යාපනික ජනගහනය වැඩි කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීවේය.