‘ලංකා කැරට්ටුව වැරදි නම් වැඩ වරදී‘


ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය කියයි.

මානව හිමිකම් ප‍්‍රඥප්තියට අනුකූලතාව දැක්වීම සඳහා රජයේ ඇති කැපවීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද සිසු පිරිසකට පොලීසිය හිංසාකාරී ලෙස ප‍්‍රතිචාර දැක්වීම ගැටළු සහගත බව ද යුරෝපා සංගමය කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ලබා දි ඇති නිර්දේශ  ද සැලකිල්ලට ගෙන වගකිව යුතු පාර්ශව ඉදිරියට ගන්නා ක‍්‍රියාමාර්ග දෙස ඉතා  ඕනෑකමින් බලා සිටින බවද යුරෝපා සංගමය කියයි.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණ අතුරුදන් වූවන්ගේ ඥාතින් මුණගැසුණු පසු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ද තමන්ට වාර්තා වන බව එම සංගමය සඳහන් කර සිටී.මෙම වාර්තාව සත්‍යයක් නම් අතීතයේ සිදුවූ එවැනි දේ යළි සිදුවෙමින් තිබීම ද ගැටළුවක් බව යුරෝපා සංගමය පවසයි.