‘රෝගීන්ටත් බදු ගහනවා‘ - විමල් වීරවංශ


‘වැට් බද්ද වැඩි කළ ආකාරාය නිති විරෝධි කියලා අපි මුලින්ම කිව්වා. ඒ ගැන අධිකරණයට ගිය නිසා තමයි  මේ ආකාරයට  ආණ්ඩුව නම්‍යශිලි වුණේ. මේ වැට් බද්ද අසාධාරණයි. මල්වත්තට  යන පෙම් යුවළක් ද බද්දට  අහුවෙනවා. අහිංසක රෝගීන්ගෙනුත් බදු ගන්නවා. හැම පැත්තෙන්ම පීඩාවට  පත්වෙනවා.’ යැයි  ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ  මහතා  අද (12) පක්ෂ කාර්යාලයයේ හමුවක දී  පැවසීය.

‘‘බදු පරාසය අඩු කරන්න කියලා පාර්ලිමේන්තුවේ දී  කියන්න ඉඩකඩ තිබෙනවා. සංශෝධන ගේන්නත් පුළුවන්. මගේ සහෝදරයා අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සහ කර තිබෙනවා. ඔහු රෝගී තත්වයෙන් නිසා එය සාර්ථික වුණේ නෑ.විරුද්ධවාදීන්ට සලකන හැටි පේනවා. ‘‘