‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව




(ඉන්දිකා රාමනායක)

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගොනාකෝවිලේ ‘රොහා‘ හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ අඟුලාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මේ හේතුවෙන් විරෝධී කල්ලි විසින් සිදුකරන ආරාවුල් මැඩපැවැත්වීම සඳහා අඟුලාන, දෙහිවල ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි පොලිසිය පවසයි.

අවශ්‍ය වුවහොත් විශේෂ කාර්ය බලකායද එම ප්‍රදේශවලට යොමු කරන බවද  උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.