ජංගම දුරකථනයක් ආධාරයෙන් හැසිරවිය හැකි ‘රොබෝ බත්කූරෙකු‘ නිපදවීමට ෆෙස්ටෝ නම් ජර්මානු සමාගමක් සමත්ව ඇත.
රොබෝ බත්කූරා දිගින් සෙන්ටිමිටර 40 කි.බර ග්රෑම් 175 කි.
මේ රොබෝ බත්කූරාගේ විශේෂත්වය වන්නේ එය සොබාදම් මව්ගේ සජීවී බත්කූරාට සෑම අතින්ම සමාන වනසේ නිපදවා තිබීමයි. ගුවනේ එක තැන රැදී සිටීම,ඉදිරියට මෙන්ම පසුපසටත් පියාසර කිරීමට හැකි වීම,තටු වෙන වෙනම පාලනය කළ හැකි වීම ආදී පණැති බත්කූරාට කළ හැකි ක්‍රියාකාරකම් සියල්ලම මේ රොබෝ බත්කූරාටද කළ හැක.රොබෝ බත්කූරාගේ ඇසේ කටයුත්ත ඉටු කරනුයේ නවීන පන්නයේ කැමරාවකි.
යුධ හා ස්වභාවික ව්‍යසන වැනි ආපදා අවස්ථා වලදී මෙය සේවයට යොදාගත හැකි වනු ඇතැයි නිර්මාපකයන් කියයි.විශේෂයෙන් පුද්ගලයෙකුට යාමට අපහසු ස්ථාන වල තොරතුරු ලබා ගැනීමට මෙය මහගු උපකාරයක්ම වනු ඇත