පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර දෙවැනි වරට පැවැත්වෙන මහ කි‍්‍රකට් සංග‍්‍රාමය හෙට සහ අනිද්දා (22 සහ 23) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර ඕවර 50 තරගය මාර්තු මස 9 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
‘රුහුණු මායා සටන’ ලෙස හැදින්වෙන මෙම කි‍්‍රකට් තරගය පසුගිය වසරේදී පළමු වරට පැවැත්වුණ අතර ඉන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රාහුල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ. එම තරගය පසුගිය වසරේ අප‍්‍රියෙල් මස 7 සහ 8 යන දෙදින තුළ මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
මෙවර පැවැත්විමට නියමිත දෙවැනි රුහුණු මායා සටනේදී රාහුල විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව නදුන් තරංග හිමිකරගෙන ඇති අතර එම පිලේ උප නායකත්වය ෂෙහාන් කහඳුගොඩට හිමිවී තිබේ. ධර්මපාල විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව සහන් චාමිකර හිමිකරගෙන ඇති අතර එහි උප නායකත්වය අශාන් ජයසංකට හිමිවී තිබේ.
සහන් චාමිකර, අශාන් ජයසංක සහ සහ ප‍්‍රශාන් රත්නායක ධර්මපාල විදුහලේ පිතිකරු අංශයේ කොඳුනාරටිය වන අතර තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන හිමාෂ ලියනගේ සහ හර්ෂ ගාල්ලගේ දෙදෙනාද මේ වන විට දස්කම් අතර සිටීමද කණ්ඩායමට තවත් වාසිදායක වනු ඇත.
රාහුල කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයින් 17 දෙනාගෙන් 7 දෙනෙකුම තුන් ඉරියව් කී‍්‍රඩකයින් වීම ඔවුන් ලද අමතර වාසියකි. නායක නදුන් තරංග, ශෙහාන් කහඳුගොඩ, හර්ෂ රාජපක්ෂ, පියුශාන් කුලතුංග සහ ලසිඳු නිම්සර ඔවුන් අතර ඉදිරියෙන්ම සිටිති.
මෙම පාසල් කි‍්‍රකට් වාරයේදී ධර්මපාල විදුහල විසින් මහානාම, පානදුර ශ්‍රී සුමංගල සහ ඉසිපතන විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණ වාර්තාකර ඇති අතර මලියදේව ගල්කිස්ස ශාන්ත තෝමස්, නාලන්දා, ගුරුකුළ සහ සහිරා යන විදුහල් හමුවේ පළමු ඉනිමේදී පරාජයට පත්වී ඇත.
ආනන්ද විදුහල සමගින් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනිත් තරග දෙක මොරටුව වේල්ස් කුමර සහ ගාල්ල මහින්ද විදුහල් හමුවේ පරාජයට පත්විය.
රාහුල විදුහල මෙම පාසල් වාරය තුළදී මාරවිල ශාන්ත සර්වේසස්, දේවපතිරාජ, කෝට්ටේ ශාන්ත තෝමස් සහ මතුගම ශාන්ත මේරි විදුහල් වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර කරන්දෙනිය මැදි විදුහල, වේළුවන, වත්තල ශාන්ත අන්තෝනි, කොළඹ අශෝක විද්‍යාලය සහ කැළණිය ධර්මාලෝක යන විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණද ලබා ගෙන ඇත. ඊට අමතර ඔවුන් ධර්මාශෝක සහ මලියදේව විදුහල් හමුවේ තරග දෙකක් පරාජයට පත්වී ඇත.
සමස්ථ ලංකා අන්තර් පාසල් තරගාවලියේදී ධර්මපාල විදුහල ෂ කාණ්ඩයේ සහ රාහුල විදුහල ෂෂ වැනි කාණ්ඩයේ කි‍්‍රඩා කළත්, කණ්ඩායම් දෙකම සම තත්වයක පසුවන බව පුහුණුකරුවෝ කියති.
රාහුල විදුහල වසර 90 ක ඉතිහාසයකට හිමිකම් කියන අතර ධර්මපාල විදුහල ඔවුන්ගේ 71 වැනි වසර පසුකරමින් සිටී. මෙම විදුහල් දෙකම ඕල්කට් විදුහල් වීමද තවත් විශේෂ කරුණකි.
මාතර රාහුල විදුහල් කණ්ඩායම:
නඳුන් තරංග (නායක), ශෙහාන් කහඳුගොඩ (උප නායක), හර්ෂ රාජපක්ෂ, පියුශාන් කුලතුංග, ලසිඳු නිම්සර, තරිඳු නරසිංහ, කළන හසංග, මයුර ගලප්පත්ති, හරිඳු ජයසිංහ, සහන් හෙඳවිතාරණ, නිමේෂ් හෙට්ටිආරච්චි, හෂාන් ද සිල්වා, තිලින මානගේ, චාමික නුවන්, තමිඳු පල්ලියගුරු
පන්නිපිටිය ධර්මපාල කණ්ඩායම :
සහන් චාමිකර (නායක), අශාන් ජයසංක (උප නායක), විමුක්ති රඳැල්ල, කුෂාන් ජයලත්, ප‍්‍රශාන් රත්නායක, හිමාෂ ලියනගේ, අසංක සමීර, තාරක හොඳමුනිගේ, සුපුන් චතුර, පසිඳු කේෂාන්, හර්ශ ගාල්ලගේ, තරිඳු ධනුශ්ක, චමීන් හිමල්ක, තරිඳු මධුවන්ත, ජයම්පති බණ්ඩාර, බිමන්ත විසුල්, ගිහාන් මධුෂංක
(**)