2006 වසරේ සිදු වූ බව කියන ඇමෙරිකා ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට රතු වරෙන්තු නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළාය.
උදයංග විරතුංග තවමත් සැකකරුවකු ලෙස නම් කර නැති හෙයින් ඔහුට රතු වරෙන්තු නිකුත් කිරීමට නීතිමට ප්‍රතිපාදන නැතැයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
ඔහු දැන් සිටින ලිපිනයක් සොයාගෙන එම ලිපිනයට නොතීසි යවන ලෙස ද නියෝග කැරිණි.