ඇඹිලිපිටියේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්ධියේ මරණ පරීක්ෂණය මෙහෙයවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට හැකියාවක් නැතැයි ද, ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිද්ධිය ගැන අදහස් දැක්වීයැයි ද නීතීඥවරු පිරිසක් කීහ.
ඊට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කීවේ තමා එහි ගියේ පොලිස්පතිගේ නියෝග අනුව බවයි.
‘මරණ පරීක්ෂණයකදි පොලිසිය කරන්නේ අධිකරණයට සහාය වීම. මේ මරණ පරීක්ෂණයේදී අධිකරණයට සහාය දෙන්න පොලිස්පති මට නියෝග කළා. මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේම පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරිත් ආවරණය කරනවා.
මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය මගේ අභිමතයට කළ නොහැකියි. සාක්කි විභාගය පැවැත්වේනනේ අධිකරණය ඉදිරියේ. මා ඇසීමට නුසුදුසු ප්‍රශ්නයක් අසනවා නම් අධිකරණයට පුළුවන් එය වළක්වන්න. මා ඇසිය යුතු ප්‍රශ්නයක් යටපත් කරණවා නම් අධිකරණයට පුළුවන් එය මතු කරන්න. ඒ නිසා ගැටළුවක් වෙන්නේ නෑ.‘‘

