දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු සඳහා රිලාගල යාය කඳුවැටියේ කල් කැඩීමට තරයේ විරුද්ධ වන බව රිලාගල යාය සුරැකීමේ එකමුතුවේ ලේකම් මහේෂ් සම්පත් ලියනගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය හමුවකදීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග්‍රාමසේවා වසමේ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව රිලාගල යාය කන්ද පිහිටා ඇතැයි රිලාගල යාය සුරැකීමේ එකමුතුව කියයි.
1940 දී රක්ෂිතයක් ලෙස නම් කැරුණු මහායය රක්ෂිතයේ ප්‍රේරණ කලාපයේ රිලාගල පිහිටා ඇති බවත්, ජල උල්පත් රැසක් ඇති මෙම ප්‍රදේශයේ ගල් කැඩීමේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වන බවත් එම සංවිධානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම රතු දත්ත පොතේ වඳවීයාමේ රත්ජනයට මුහුණ පා ඇති මත්ස්‍යවර්ග රිලාගල සිටිනා බවත්, මෙම ප්‍රදේශයේ ගල් කැඩීම ජාතික පාරිසරික පනත පමණක් නොව වෘක්ෂලදා හා වනසත්ව ආඥාපනත ද උල්ලංඝණය කිරීමක් බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කීවේය.
ප්‍රදේශයේ මහා සංඝරත්නය නියෝජනය කරමින් ගෝණදෙනියේ මංගල හිමි ද, ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙදෙනෙක් ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.