වෘත්තිකයින්ට රාජ්‍ය සේවය එපා කර ඔවුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ‍්‍රමිකයින් ගෙන්වීමේ උත්සාහයක රජය නිරත වන බව දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ දී අද(7) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මේ සඳහා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට ද රජය සූදානම් වන බවත්, එවැන්නක් වුවහොත් සෞඛ්‍යය ඇතුළු රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය පිරිහී යාම අනිවාර්ය බවත් එම කමිටුවේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.
මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට අහිමි කර ඇති වරප‍්‍රසාද නැවත ලබාදෙන තුරු අඛණ්ඩව සටන් කරන බව ද කී ඒ මහතා රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද කීවේය.

