‘රාජ්‍ය මාධ්‍ය මඩ වගුරෙන් ගොඩගන්න‘


රාජ්‍ය මාධ්‍ය පසුගිය දිනවල පෞද්ගලික චරිතවලට මඩ ගැසීමටත් අවලාද නැගීමටත් යොදා ගත් බව පැහැදිලිව පෙනෙන බවත් එම මඩ වගුරෙන් රාජ්‍ය මාධ්‍ය ගොඩගැනීමේ හැකියාව මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ඇති බව පෙනේ යැයි අමරපුර නිකායේ උත්තරීතර සංඝ සභාවේ මහා නායක දවුල්දෙන ඥානිස්සර නා හිමියෝ අද (26) පැවසූහ.

ඇමැතිවරයා මහා නායක හිමියන් බැහැ දැකීමට පැමිණ සිටියේය. ඔහු අමරපුර සංඝ සභාවේ මහා ලේකම් බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ද, අමරපුර සංඝ සභාවේ සභාපති හා අනු නායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ද බැහැ දුටුවේය.