රාජපක්ෂ පවුල රටට කළ ආර්ථික අපරාධ රටට හෙළි කරන බවත් රටින් පැන ගිය ආර්ථීක අපරාධකරුවන් මෙරටදී හෝ පිටරටදී හෝ නීතීය හමුවට පමුණුවන බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියයි.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට එන බව කියනවා. ඔහුට ඒ සඳහා අයිතියක් තියෙනවා.නමුත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවට කළ ආර්ථික විනාශය අප රටට හෙළි කරනවා.එය හෙළි කළ යුතුයි. නිල් බළකාය රටේ භිෂණය වපුරවමින් කළ කී දෑ කවුරුත් දන්නවා.ඔවුන් කළ අකටයුතුකම් ගැන තොරතුරු එක් රැස් කරනවා.බය නැතිව එම තොරතුරු අපට ලබා දෙන්න.කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා.‘

