‘රාජපක්ෂ ගෝලයන් මැතිසබේ පාපිස්සට ඇද වැටිලා ‘ - රනිල්


‘එදා රාජපක්ෂලා නිසා උඩින් ගියපු අය   අද පාර්ලිමේන්තුවේ පාපිස්සට වැටිලා. පයට පෑගෙන පාපිස්සේ ඔවුන් රැයක් නිදා ගත්තා. එය ඔවුන්ට හොඳ පාඩමක්. ජනතාව අමතක කර නොයෙකුත් අකටයුතුකම්වලට උඩගෙඩි දුන් අයට එය හොඳ පාඩමක්. අයෙත් ඕනෑ නම් පාර්ලිමේන්තුවේ පාපිස්සේ නිදා ගන්න ඉඩ දෙනවා.‘  යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති සාකච්ඡාවක දී පැවසීය.

‘අද ජීවන වියදම අඩුයි. මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන්. ගසා කෑම් හොර මැරකම්, රජයේ මුදල් වංචා නෑ. අල්ලස් පරීක්ෂණ නවත්වන්න කියනවා. මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශයක් දෙන්න බැරි ඇයි? ‘

_DSC0356 _DSC0398