‘රන්ජන් රාමනායක ගැන අගමැතිට කියනවා‘


‘පසුගිය ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් බිඳ දමන විට එක්සත් ජාතික පක්ෂය විපක්ෂය ලෙස ලිප්ටන් වටරවුමේ දී එවකට පැවැති ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කළා. මාධ්‍යවේදීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා‘ යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද (28) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

සිය නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක වීඩියෝ කැමරාවකට පහරදීම හා මාධ්‍යවේදියකු සමග බහින්බස් වීම පිළිබඳව මාධ්‍යවේදීන් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පිළිබඳ සොයා බලා අගමැතිවරයාගේ අවදානය යොමු කිරීමට කටයුතු කරන බවත් එය වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවත් ය.

webDSC_0720